සාපේක්ෂ ව ඉතා ඉහළ නිවැරදිතාවක් ඇති මෙම උපකරණය පිල් ලකුණු යෙදීම වැනි ඉතා ඉහළ නිවැරදිතාවකින් යුතු වැඩ සඳහා භාවිත කරනු ලැබේ. අනෙක් උපකරණවලට වඩා ඇති විශේෂත්වය නම් දුරේක්ෂය සිරස් තලයේ ද සුළු වශයෙන් උස් පහත් කළ හැකි හැකියාව යි. මේ නිසා පාදම් ඉස්කුරුප්පු වලින් මට්ටම් කළ උපකරණයක් සෑම පාඨාංක ගැනීමක දී ම නළ ආකාර ලෙවලයකින් මට්ටම් කිරීම සිදු කළ යුතු ය.