මට්ටම් උපකරණය (ලෙවල් උපකරණය)
 විවිධ කොටස් යොදා ගනිමින් නිපදවා ඇති සෑම මට්ටම් උපකරණයක ම පොදු මූලධර්මය වී ඇත්තේ උපකරණය තුළින් තිරස් රේඛාවක් දැකීමේ අරමුණයි. සමහර අවස්ථාවල දී උපකරණය තුළින් යටිකුරු ප්‍රතිබිම්බයක් ලැබෙන ලෙස ද උපකරණය නිපදවා ඇත.

සෑම උපකරණයක ම දුරේක්ෂයෙන් නිරීක්ෂණය කිරීමෙන් සිරස් හා තිරස්, එකිනෙක ලම්බක, රේඛා දෙකක් දැකිය හැකි ය. මේවා හරස් කෙඳි ලෙස හඳුන්වයි. මට්ටම් උපකරණයක් දුරේක්ෂය (Telescope), මට්ටම් හිස (Levelling head) සහ මට්ටම් ඉස්කුරුප්පු (Levelling screws) යන කොටස්වලින් සමන්විත ය.
(c) Shilpa Sayura Foundation 2006-2017