මධ්‍යයන්‍ය මුහුදු මට්ටම (Mean Sea Level - MSL)
  තලමිතියේ දී (Levelling) ලබා ගන්නා පාඨාංකවලින් පොළොව මත විවිධ ස්ථානවල උස සොයා ගනියි. මෙහි දී කිසියම් සම්මත මට්ටමකට සාපේක්ෂ ව උස සෙවීම සිදු කරයි. මෙහි දී ඕනෑම සම්මත මට්ටමක් යොදා ගැනීමේ නිදහස ඇතත් සාමාන්‍යයෙන් බොහෝ රටවල් මුහුදු මට්ටම සම්මත මට්ටම ලෙස යොදා ගනී.

මෙම මුහුදු මට්ටම නිර්ණය කිරීමට සම්මතය පරිදි වසර 19ක් තිස්සේ සෑම පැයකට වරක් ම යම් ස්ථානයක මුහුදු මට්ටම මැන එහි මධ්‍යයන්‍ය සොයා ගැනෙයි. මෙම ක්‍රියාවලිය සාමාන්‍යයෙන් ස්ථාන බොහෝ ගනනක දී සිදු කර, තලයක් ලෙස යොදා ගෙන එය සම්මත මට්ටම ලෙස සලකා යම් රටක අභ්‍යන්තරයේ විවිධ ස්ථානවල (පිලි ලකුණුවල) ඌනිත උස ගණනය කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017