මාරු ලක්ෂ්‍ය (Changing Point or Turning Point)
  කිසියම් මට්ටම් ක්‍රියාවලියක් දිගින් දිගට ම කරගෙන යෑම සඳහා උපකරණයක් එක ම ස්ථානයක අටවා තැබීමෙන් සිදු කළ නොහැක. මේ සඳහා උපකරණය එක් ස්ථානයක සිට තවත් ස්ථානයකට ගෙන යෑමේ දී කිසියම් අචල ලක්ෂ්‍යයකට සාපේක්ෂ ව උපකරණය විස්ථාපනය කෙරේ. මෙම අචල ලක්ෂ්‍යය මාරු ලක්ෂ්‍යයක් ලෙස සැලකේ. නව උපකරණ සවි කිරීමකින් පසු මාරු ලක්ෂ්‍යයේ ඌනිත මට්ටම තවදුරටත් ප්‍රයෝජනවත් නොවේ.

(c) Shilpa Sayura Foundation 2006-2017