උපකරණය තුළින් නිරීක්ෂණය කළ විට එසේ දැකිය හැකි ලක්ෂ්යයත් උපකරණයත්, යා කරන රේඛාව දැක්ම ලෙස හඳුන්වයි. මෙය තිරස් රේඛාවක් ම විය යුුතු ය. එමෙන් ම එය සම්මත මට්ටම් තලයට සමාන්තර විය යුතු ය. එනම් උපකරණය අටවා ඇති තලයේ රේඛාවකි. දැක්ම කොටස් තුනකි.
1. පසු දැක්ම (Back sight)
2. පෙර දැක්ම (Fore sight)
3. අතරමැදි දැක්ම (Inter sight / Intermediate sight)
පසු දැක්ම
කිසියම් මට්ටම් ක්රියාවලියක දී මිනුම් ගැනීම සඳහා උපකරණය සවි කිරීමෙන් පසු ලබාගන්නා පළමු මිනුම පසු දැක්ම යි.
පෙර දැක්ම
කිසියම් මට්ටම් ක්රියාවලියක දී යම් ස්ථානයකින් උපකරණය ගලවා ඉවත් කිරීමට පෙර ලබාගන්නා අවසාන මිනුම යි.
අතරමැදි දැක්ම
පෙර දැක්මත් පසු දැක්මත් නොවන සියලු මිනුම් ගැනීමේ අවස්ථා අතරමැදි දැක්ම මඟින් ගනියි.