චොහාරතිස්‌ස
 

ක්‍රි.ව. 215-237
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු.22 යි)

සිරිනාග රජු ඇවෑමෙන් ඔහු පුත් චොහාරතිස්‌ස නම් කුමාරයා රාජාභිෂේක ලැබ වසර 22 ක්‌ රාජ්‍ය කෙළේය. ඔහු රාජ්‍යය කරන සමයෙහි එනම් ක්‍රි.ව. 219 දී බුද්ධ ධර්මය පෙරළා විපරිත කොට ලියන ලද වෛතුල්‍යවාද නම් මිත්‍යා ධර්මයක්‌ අභයගිරි විහාරයෙහි විසූ තෙරුන්වහන්සේලා විසින් බුද්ධ ධර්මය ලෙසින් පිළිගන්නා ලද්දේය. තිස්‌ස රජ ඒ භික්‌ෂූන්ට නිග්‍රහ කොට කපිල නම් අමාත්‍යයකුගේ ආධාරයෙන් ඒ වෛතුල්‍යවාදය ලියවූ පොත් ගෙන්වා දවා අළු කෙළේය.

චොහාර තිස්‌ස රජුගේ සහෝදර අභයනාග කුමාරයා රජු ට භයින් නැව් නැඟී එතෙර ගියේය. රජ තෙමේ දේවිය සමඟ පලාගොස්‌ මලය රටට ගියේය. අභය නාග තෙමේ ලුහුබැඳ ගොස්‌ රජු අල්වා මරා බිසව් ගෙන නුවරට අවුත් රාජපදප්‍රාප්ත විය.

(c) Shilpa Sayura Foundation 2006-2017