තාවකාලික පිල් ලකුණ (Temporary Bench Mark / TBM)
 සම්මත මට්ටම් තලයේ ඇති ලක්ෂ්‍යයකට සාපේක්ෂ ව තවත් ස්ථානයක සිරස් උස එනම්, මට්ටම් වෙනස සටහන් කර තබයි නම් එවැනි ස්ථානයක් තාවකාලික පිල් ලකුණක් ලෙස හැඳින්වේ.

ඕනෑ ම මට්ටම් ක්‍රියාවලියක් පිල් ලකුණකින් ආරම්භ කර පිල් ලකුණකින් ම අවසන් කළ යුතු වුවත් අදාළ මට්ටම් ගන්නා ස්ථානය හෝ ප්‍රදේශය ආසන්නයේ පිල් ලකුණක් නැති විටක දී, මෙසේ තාවකාලික පිල් ලකුණු යොදා ගනියි.
(c) Shilpa Sayura Foundation 2006-2017