මිනුම් එකතු කර ගැනීමේ ක්‍රියාවලියෙන් පසු මීළඟ ක්‍රියාවලිය වන්නේ එම භූමි ප්‍රදේශය සඳහා බිම් සැලසුම පිළියෙල කිරීමයි. මෙහි දී මුලින් ම සිදු කළ යුතු කාර්යය වන්නේ යම් පරිමාණයක් තෝරා ගැනීම ය. පරිමාණයක් යනු සැබෑ පොළොව මත මිනුම් සහ සිතියම මත මිනුම් අතර සම්බන්ධතාවයි.
පරිමාණය = සිතියම මත මිනුම
සැබෑ පොළොව මත මිනුම
නොඑසේ නම් කුඩා පරිමාණයක් ද තොරා ගැනේ.
සුදුසු පරිමාණයක් තෝරා ගැනීමේ දී මැනුම් රේඛාවලින් දිගින් වැඩි ම රේඛාවේ දිග සහ කෙටි ම රේඛාවේ දිග සලකා බැලේ. ඉහත මැනුමේ දිගින් වැඩි ම රේඛාවේ දිග 41.5 m ද කෙටි ම රේඛාව 30.8 m ද දිගින් යුතු ය. මූලික ව ම 1:1000 වැනි පරිමාණයක් තෝරා ගැනේ. එහි දී 1:1000 පරිමාණය යනු සිතියම මත 1 cmකින් සැබෑ පොළොව මත 10 mක් නිරූපණය වේ.
පරිමාණය තෝරා ගැනීමේ දී සලකා බැලිය යුතු කරුණු
1. සිතියම අඳින කඩදාසියේ ප්‍රමාණය
2. දත්ත ප්‍රමාණය - දත්ත ගණන වැඩි නම් විශාල පරිමාණයක් ද දත්ත ප්‍රමාණය අඩු නම්
කුඩා පරිමාණයක් ද තෝරාගත හැකි ය.
3. ඉඩමේ ප්‍රමාණය - විශාල ඉඩමකට කුඩා පරිමාණයක් ද කුඩා ඉඩමකට විශාල
පරිමාණයක් ද තෝරාගත හැකි ය.
4. දත්තවල නිවරද්‍යතාව
5 මැනුමේ අරමුණ - ඉංජිනේරු කාර්යයකට නම් විශාල ප්‍රමාණයේ පරිමාණයක් දනොඑසේ නම් කුඩා පරිමාණයක් ද තොරා ගැනේ.