දත්ත සටහන් කිරීමේ ක්‍රියාවලිය
  දත්ත සටහන් කිරීමේ දී එම ඉලක්කම්වල සහ අකුරුවල පැහැදිලි බව ආරක්ෂා කිරීම ඉතා වැදගත් ය. සමහර විටක දී මිනින්දෝරුවරයා මිනුම් ලබාගන්නා අතර සිතියම පිළියෙල කරන්නේ වෙනත් අයෙක් ය. මෙවැනි අවස්ථාවක දී මිනින්දෝරුවරයාගේ සටහන්වල පැහැදිලි බව හා ඒවා නියමිත ස්ථානයේ සටහන් කිරීම ඉතා වැදගත් ය.

නැත හොත් සිතියම පිළියෙල කරන්නාට සටහන් කිරීමේ දී සහ ඒවා නිසි පරිදි ඇඳීමේ දී ගැටලු මතු වේ. යම්කිසි ආකාරයකින් යම් සටහනක් වැරදියට සටහන් කර, එය නිවැරදි කිරීමේ දී එම සටහන මත ම නොලියා එම වැරදි සටහන තනි ඉරකින් කපා ඒ ආසන්නයේ නැවතත් නව සටහන ලියනු ලබයි.

මෙවන් විටක දී අදාළ ස්ථානය මත මිනින්දෝරුවරයා තම කෙටි අත්සන යෙදිය යුතු අතර, එම පිටුව මත සිදු කළ මුළු නිවැරදි කිරීම් ගණන පිටුව මත සටහන් කර පහත පරිදි තම සම්පූර්ණ අත්සන යෙදීම සිදු කළ යුතු ය.

(c) Shilpa Sayura Foundation 2006-2017