මිනුම් ගැනීමේ ක්‍රියාවලිය
 ඉහත පරිදි මූලික ක්‍රියාවලිය සිදු කිරීමෙන් පසු මිනුම් ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළ හැකි ය. මුලින් ම තෝරා ගත් ස්ථාන ලී හෝ සිමෙන්ති කුඤ්ඤ මගින් මැනුම් ස්ථාන ලෙස පොළොව මත සටහන් කෙරේ. එහි දී පෙර විස්තර කළ පරිදි සියලු සියලු සාධක සලකා බැලිය යුතු ය.

මෙහි දී ගොඩනැගිලි සඳහා අනුලම්භ හතරක් ගැනීම අවශ්‍ය නොවන අතර, අනුලම්භ දෙකක් සහ පළල මගින් හෝ අනුලම්භ තුනක් මගින් ගොඩනැගිල්ල පිටපත් කර ගත හැකි ය. එමෙන් ම සාමාන්‍යයෙන් මැනුම් ක්‍රියාවලිය ප්‍රධාන මැනුම් රේඛාවෙන් ආරම්භ කෙරේ.
(c) Shilpa Sayura Foundation 2006-2017