මූලික ක්ෂේත්‍ර අධ්‍යයනයේ දී මැනිය යුතු භූමිය සම්බන්ධයෙන් ඇඳ ගනු ලබන සැලැස්ම පිරික්සුම් සටහන් ලෙස හඳුන්වනු ලබයි. ප්‍රධාන පාලන ලක්ෂ්‍ය සහ අනෙකුත් වැදගත් තොරතුරු මෙහි සටහන් කර ගනු ලබයි. මෙහි දී ඉඩම මත ඇති ස්ථීර ඉඳිකිරීම්, ඉඩමේ මායිම්වල දළ පිහිටීම, මායිම්වල ස්වභාවය සහ උතුරු දිශාවේ පිහිටීම, ආදී තොරතුරු පිරික්සුම් සටහන මත සටහන් කෙරේ.