දම්වැල් මැනුමට මැනුම් ස්ථානයක් තෝරා ගැනීමේ දී සැලකිය යුුතු සාධක

Link

 දම්වැල් මැනුම භාවිත කරමින් යම් ඉඩමක් මැනීමේ දී ප්‍රධානතම සිද්ධාන්තය වන්නේ ඉඩම ත්‍රිකෝණවලට බෙදා වෙන්කිරීම යි. මෙහිදී ත්‍රිකෝණවල ශීර්ෂ සඳහා ස්ථාන තොරා ගැනීමේ දී ඉතා සැලකිලිමත් විය යුතු ය.

1. යාබඳ මැනුම් ස්ථාන එකිනෙක හොඳින් පෙනෙන පරිදි විය යුතු ය.
2. මැනුම් ස්ථාන දෙකක් යා වන රේඛාවන් හැකිතාක් තිරස් රේඛාවන්ගෙන් සැදුම්ලත් විය යුතු ය.
3. ත්‍රිකෝණවල පාදවල දිග හැකිතරම් සමාන විය යුතු ය.
4. මායිම්වලට සහ මාර්ගවලට හැකි තාක් සමාන්තර ව සහ ආසන්නව දවෙන සේ මැනුම් රේඛා පිහිටන පරිදි මැනුම් ස්ථාන තෝරා ගත යුතු ය.
5. මැනුම් ස්ථාන දෙකක් යාවන රේඛාව මත බාධක නොතිබිය යුතු ය. එම ස්ථාන දෙක අතර දුර පහසුවෙන් මැනිය හැකි වන පරිදි තිබිය යුතු ය.
6. මහාමාර්ගවල දෙපස යාබද මැනුම් ස්ථාන තෝරා නොගත යුතු ය. මෙහි දී එම ස්ථාන අතර දුර මැනීමේ දී දුෂ්කරතා මතුවේ.
(c) Shilpa Sayura Foundation 2006-2017