ප්‍රස්තාරික ක්‍රමය මඟින් දෝෂය බෙදා හැරීම
 අවසාන දෝෂය ප්‍රස්තාරික ව නිරීපණය කෙරේ. මෙහි දී දෝෂය වන්නේ A A' රේඛාවයි. එනම්, මැනුම සඳහා දෝෂයක් සිදු වූයේ නැති නම්, A' නමින් ලක්ෂෘයක් පැවතිය නොහැකි ය.

මෙම දෝෂය නිවැරදි කිරීමට පහත ක්‍රමවේදය අනුගමනය කෙරේ. ඉහත සඳහන් කළ පරිදි මෙහි දී පළමු මැනුම් ස්ථානය (A) මත දී එය පළමු වන ස්ථානය වන හෙයින් දෝෂ සිදුවීමේ සම්භාවිතාව ඉතා අඩු ය. ඉන් පසු දෙවන මැනුම් ස්ථානය (B)හි දී දෝෂ සිදුවීමේ සම්භාවිතාව පෙරට වඩා වැඩි ය.

සාමාන්‍යයෙන් යම් මැනුමක දී පෙර ස්ථානවල සිදු කරන දෝෂය ඉදිරියට ගෙන යාමක් සිදු වන බැවින් අවසාන මැනුම් ස්ථාන සඳහා යෙදිය යුතු ශෝධනය ද වැඩි ය.
(c) Shilpa Sayura Foundation 2006-2017