කෝණික මිනුම් සඳහා අවසාන දෝෂය ගණනය කිරීම
  මෙහි දී මුලින් ම කෝණ සම්බන්ධ දෝෂවලට අවසන දෝෂය අවසාන දෝෂය ගණනය කරන ආකාරය සලකා බලමු. මෙහි දී අන්තර්ගත කෝණ මනින්නේ නම් එවන් විටෙක අදාළ පරික්‍රමණය තල රූපයක් සේ සලකා එහි අන්තර්ගත කෝණවල එකතුව සොයගත හැකි ය.

උදාහරණයක් ලෙස: ත්‍රිකෝණාකාර සංවෘත පරික්‍රමණයක් සමඟ මැනුමේ දී එහි අන්තර්ගත කෝණවල එකතුව අංශක 180ක් විය යුතු ය. මැනුමේ දී මනින ලද කෝණවල එකතුව ද 1800 නම් එම මැනුම සඳහා කෝණවල දෝෂයක් නැත.

තව ද චතුරස්‍රාකාර සංවෘත පරික්‍රමණයක් සමග මැනුමේ දී එහි අන්තර්ගත කෝණවල එකතුව 3600ක් විය යුතු ය. මනින ලද කෝණවල එකතුව ගණනය කිරීමෙන් එම අගයන් දෙක අතර වෙනස මඟින් එම මැනුම සඳහා කෝණ ආශ්‍රිත දෝෂය ගණනය කළ හැකි ය.


මේ ආදී වශයෙන් ඕනෑ ම බහුඅස්‍රාකාර පරික්‍රමණයක් සඳහා අන්තර්ගත කෝණ මනින ලද විට කෝණ ආශ්‍රිත දෝෂය ගණනය කළ හැකි ය.

එමෙන් ම යම් සංවෘත පරික්‍රමණයක උත්ක්‍රම කෝණ මනින අවස්ථාවක දී එම උත්ක්‍රම කෝණවල ඓක්‍යය අංශක 360ට සමාන නම් එහි කෝණවක දෝෂයක් රහිත ලෙස ද, නො එසේ නම් එම අගයන් දෙක අතර වෙනස කෝණවල දෝෂය ලෙස ද සැලකේ.

දිග ආශ්‍රිත මිනුම් සඳහා අවසාන දෝෂය ගණනය කිරීම මෙහි දී දෝෂය සෙවීම සඳහා ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් ඇත.
1. ප්‍රස්තාරික ක්‍රමය
2. ඛණ්ඩාංක ගණනය කිරීම
(c) Shilpa Sayura Foundation 2006-2017