මිනුම් පටියෙන් මැනීමේ දී එය භාවිත කළ යුතු නියමිත උෂ්ණත්වයක් ඇත. උෂ්ණත්වය අදාළ නියමිත උෂ්ණත්වයට වඩා වැඩි වුව හොත්, ලෝහ මිනුම් පටියක් ප්‍රසාරණය වීමකට භාජනය වේ. එමෙන් ම, පාරිසරික උෂ්ණත්වය අඩු අගයක් ගත හොත්, ලෝහ මිනුම් පටිය සංකෝචනය වීමකට භාජනය වේ.
මේ නිසා උෂ්ණත්වය නිරන්තර ව වෙනස් වන පරිසරයක දී අදාළ කාලය තුළ උෂ්ණත්වය මැන බැලිය යුතු ය. පරිසර උෂ්ණත්වයට වඩා නියමිත උෂ්ණත්වය බොහෝ වෙනස් වන්නේ නම් එම ප්‍රසාරණතාව අදාළ ලෝහයේ ප්‍රසාරණතා සංගුණකය භාවිතයෙන් ගණනය කෙරේ. මෙම ගණනය කිරීම සඳහා අවශ්‍ය පරිසරයේ උෂ්ණත්වය මැනීමට උෂ්ණත්වමානය භාවිත කරයි.