ආනතිමානය යනු කිසියම් ලක්ෂ්‍ය දෙකක් යා කරන රේඛාවක් තිරසට කොතරම් ආනතියක් දක්වන්නේ ද යන්න මැන ගැනීමට භාවිත කරන උපකරණය යි. මිනුම් ගත යුතු එක් ලක්ෂ්‍යයක් මත මෙම උපකරණ තබා අනෙක් ලක්ෂ්‍යය නිරීක්ෂණය කිරීමෙන් එම ලක්ෂ්‍ය දෙක අතර ආරෝහණ හෝ අවරෝහණ හෝ සිරස් කෝණික අගය ලබා ගත හැකි ය.