පෙළ ගැන්වුම් රිටි (Surveying poles)
  පොළොව මත පිහිටි ලක්ෂ්‍යයක්, දුර සිට නිරීක්ෂණය කළ නොහැකි නිසා පොළොවෙන් ඉහළට ඔසවා පෙන්වීමට පෙළ ගැන්නුම් රිට භාවිත කරයි. මෙය රතු සහ සුදු වර්ණයෙන් වර්ණ ගන්වා ඇති ලෝහ තුඩක් සහිත සැහැල්ලු සෘජු දණ්ඩකි.

රිටේ පහළ කෙළවර සෑම විට ම අදාළ ලක්ෂ්‍ය මත තබා, එය සිරස් ව තබා ගෙන සිටිය යුතු ය. එමෙන් ම ඉතා ඈත පිහිටි ලක්ෂ්‍ය දෙකක් අතර තිරස් දුර මැනීමේ දි හෝ ප්‍රධාන මැනුම් ලක්ෂ්‍ය දෙක යා වන රේඛාව මත තවත් ලක්ෂ්‍යයක් හඳුනා ගැනීමට ද එනම්, පෙළ ගැන්වීමට ද මෙම රිටි භාවිත කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017