වර්තමාන පරිසරයේ පවතින ඉතා සංකීර්ණ බව හේතුවෙන්, විශේෂයෙන් ම නාගරික පරිසරයක් ආශ්රිත මැනුමක දී දිග මැනීමට මිනුම් පටිය ද භාවිත කළ නොහැකි තත්ත්වයට පත් වී ඇත. උදාහරණයක් වශයෙන් යම් මාර්ග කොටසක පළල මැනිය යුතු අවස්ථාවක් සලකා බැලුව හොත් මාර්ගයේ වාහන තදබදය නිසා එය මිනුම් පටියකින් මැනිය නොහැකි ය. මෙහි දී අවශ්‍ය කාර්යය සිදු කර ගැනීමට නම් මාර්ගය වැසිය යුතු ය. එය ද ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ නොහැකි ය. මේ නිසා මෙවන් අවස්ථාවල දී මෙම ඉලෙක්ට්‍රොනික ක්‍රමය මඟින් ඉතා පහසුවෙන් දුර මැනිය හැකි ය.
මෙහි දී දුර මැනිය යුතු එක් ලක්ෂ්‍යයක් මත මෙම ඉලෙක්ට්‍රොනික දුර මනින උපකරණය (Electronic Distance Meter EDM) සවි කරන අතර, අනෙක් ලක්ෂ්‍යය මත ප්‍රිස්මයක් රඳවන ලද රිටක් (Prism target) සිරස් ව තාබා ගනියි.
මෙහි දී දුර මැනිය යුතු එක් ලක්ෂ්‍යයක් මත මෙම ඉලෙක්ට්‍රොනික දුර මනින උපකරණය (Electronic Distance Meter EDM) සවි කරන අතර, අනෙක් ලක්ෂ්‍යය මත ප්‍රිස්මයක් රඳවන ලද රිටක් (Prism target) සිරස් ව තාබා ගනියි.