දුර මැනීම පිණිස දම්වැලක් භාවිත කිරීම වර්තමාන සංකීර්ණ පරිසරය තුළ ඉතා අපහසු වන නිසා එයට පිළියමක් ලෙස මිනුම් පටිය හඳුන්වා දී ඇත. මෙහි දී බොහෝ විට මිනුම් පටිය ලෝහවලින්, කෙදි තාක්ෂණය මගින්, රෙදිවලින් හෝ විශේෂ ප්ලාස්ටික්වලින් නිපදවා ඇත. මෙහි දී සාමාන්‍ය මිනුම් පටියක් මගින් මිලිමීටරය දක්වා පාඨාංක ගත හැකි ලෙස එය අංකනය කර ඇත.