දම්වැල් ක්‍රමය (Chains)
 දිග මැනීම සඳහා ම නිර්මාණය කළ පැරණිතම උපකරණය දම්වැල යි. දම්වැලක් යනු ලෝහමය පුරුක් යා කරමින් සෑදූ සුවිශේෂි උපකරණයකි. බිම් මැනුම් සඳහා බොහෝ විට යොදාගත් ගන්ටර්ගේ දම්වැල අඩි 66ක් දිග අතර, එය සමාන කොටස් 100කට බෙදා ඇත.

මෙය භාවිත කර විශේෂිත මැනුම් ක්‍රමයක් ද හඳුන්වා දී තිබෙන අතර එය දම්වැල් මැනුම (Chain surveying) නම් වේ. දම්වැලක් භාවිත කරමින් යම් දිගක් මැනීමේ දී ඇතිවන ප්‍රායෝගික අපහසුකම් හා දුෂ්කරතා හේතුවෙන් මෙම උපකරණය වර්තමානයේ භාවිත නොකරන තත්ත්වයට පත් වී ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017