යම් පුද්ගලයකු සාමාන්‍ය ගමනින් ඇවිදින විට තබන පාද සලකුණු දෙකක් අතර දුර එක් පියවරක් නම් වේ. මෑත අතීතයේ දී දුර මැනීම සඳහා ද මෙම ක්‍රමය යොදා ගෙන ඇත. යම් නිශ්චිත ව මනින ලද දුරක් ගමන් කිරීමට අවශ්‍ය පියවර ගණන ගණන් කිරීමෙන් යම් පුද්ගලයකුගේ පියවරක දුර ගණනය කළ හැකි ය.