යම් පුද්ගලයකු හූවක් තැබූ විට එය අවසානයට ම ඇසෙන දුර ඈත අතීතයේ දී දුර මැනීමට භාවිත කළ ක්‍රමයකි. පුරාණ මූලාශ්‍රවලට අනුව රජවරුන් තම ඉඩම් පුරවැසියන් අතර හෝ නිලධාරින් අතර හෝ බෙදා හැරීමේ දී මෙම ක්‍රමය යොදා ගෙන ඇත. කෙසේ නමුත් අදාළ දුර පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන නිසා එනම් නිශ්චිත ඒකකයක් නැති නිසා වර්තමානයේ දී මෙම ක්‍රමය භාවිතයට නොගැනේ.