විද්‍යාවේ හා තාක්ෂණවේදයේ දියුණුවත් සමඟ දිග, කෝණ, වර්ගඵලය සහ පරිමාව වැනි සංකල්පය මැනීම සඳහා සම්මත ඒකක භාවිත කිරීම ඇරඹී ඇත. මෙහි දී ප්‍රධාන වශයෙන් ලොව සම්මත ඒකක වර්ග දෙකක් භාවිත වේ.
(i) බ්‍රිතාන්‍යය සහ එහි යටත් විජිත රටවල භාවිත කරන බ්‍රිතාන්‍ය සම්මත ඒකක ක්‍රමය (British units system)
උදාහරණ : සැතපුම, අඩිය, යාරය, ගැලුම, රාත්තල
(ii) අනෙක් රටවල් භාවිත කරන අන්තර්ජාතික ඒකක ක්‍රමය (Standard international units system - (SI) )
උදාහරණ : මීටරය, කිලෝමීටරය, කිලෝග්රෑමය, ලීටරය
ලොව බොහෝ රටවල් SI ඒකක ක්‍රමය භාවිත කරන අතර, රටවල් කිහිපයක පමණක් බ්‍රිතාන්‍ය සම්මත ඒකක ක්‍රමය භාවිත කෙරෙයි.
එමෙන් ම මෙම විවිධ මිනුම් මැනීම සඳහා අතීතයේ සිට ම විවිධ උපකරණ භාවිත කෙරුණි. අතීතයේ දී බොහෝ විට මිනුම් සඳහා දළ අදහසක් පැවසීම ප්‍රමාණවත් වුව ද වර්තමානයේ ඕනෑ ම මිනුමක් සඳහා ඉතා නිවරද්‍ය අගය ප්‍රකාශ කළ යුතු බවට පත් වී ඇත.