මෙහි දී A සහ B ස්ථාන දෙකේ ම සිට C ලක්ෂ්‍යය දක්වා දුර මනිනු ලබයි. C ලක්ෂ්‍යයේ පිහිටීම ප්‍රස්තාරික ව නිරූපණය කිරීමට, මුලින් ම යම් පරිමාණයක් තෝරා ගෙන එයට අනුව A සහ B ලක්ෂ්‍ය සිතියම මත පිහිටවනු ලබයි. ඉන් පසු එම පරිමාණයට අනුව A ලක්ෂ්‍යය කේන්ද්‍රය කර ගනිමින් AC දුර අරය ලෙස ගෙන භාපයක් අඳිනු ලබයි.
එමෙන් ම B සිට C දක්වා දුර පරිමාණයට අනුව ගණනය කර, B ලක්ෂ්‍යය කේන්ද්‍ර කර ගනිමින් BC දුර අරය ලෙස ගෙන නැවතත් වෘත්ත චාපයක් අඳිනු ලබයි. මෙම චාප දෙක හමුවන හෝ කැපෙන හෝ ස්ථානය C ලක්ෂ්‍යය ලෙස නිර්ණය කළ හැකි ය.
එමෙන් ම B සිට C දක්වා දුර පරිමාණයට අනුව ගණනය කර, B ලක්ෂ්‍යය කේන්ද්‍ර කර ගනිමින් BC දුර අරය ලෙස ගෙන නැවතත් වෘත්ත චාපයක් අඳිනු ලබයි. මෙම චාප දෙක හමුවන හෝ කැපෙන හෝ ස්ථානය C ලක්ෂ්‍යය ලෙස නිර්ණය කළ හැකි ය.