පෘථිවියේ චක්‍රතාව සැලකිල්ලට ගෙන, ඊට අනුරූප මැනුම් ක්‍රම සහ ජ්‍යාමිතික මූලධර්ම උපයෝගි කරගනිමින් කරන මැනුම භූමිතික මැනුම යි. මෙය කුඩා පරිමාණ සිතියම් සකස් කිරීමේ දී හෝ විශාල පරිමාණයේ ඉංජිනේරුමය කාර්යයන්වල දී වැදගත් වන මැනුම් ක්‍රමයකි. යම් විශාල රටක සිතියමක් පිළියෙල කිරීමේ දී හෝ ලෝක සිතියමක් පිළියෙල කිරීමේ දී මේ සංකල්පය භාවිත කෙරේ.