ක්‍රි.ව. 135-141
අගනගරය : අනුරාධපුරය (පා.කා. අවු. 06 යි)
ගජබා රජුගෙන් පසුව ඔහුගේ බිසවුන්ගේ පියා මහලුනා රජ රාජශ්‍රීයට පැමිණියේය. මොහු නෑකමින් ගජබා රජුගේ ඇවැස්‌ස මස්‌සිනා කෙනෙකැයි සමහර පොතක පෙනේ. මොහු මහලුව සිටි බැවින් ඔහුට මහලුනා යන නම විය. මේ රජු විසින් අබතුර, කොටගල් උද පහන්, ඇල්ගිරි ආදී විහාර කරවන ලද්දේය.
