කිසියම් ලක්ෂ්‍යයක පිහිටීම නිරපේක්ෂ ලෙස සිතියමක් මත ලකුණු කිරීමට අපහසු අවස්ථාවල දී සාපේක්ෂ නිරූපණය යොදා ගනී. මෙහි දී ඛණ්ඩාංක පද්ධතියක මූල ලක්ෂ්‍යය ලෙස ඕනෑ ම ලක්ෂ්‍යයක් තෝරා ගැනීමේ හැකියාව ඇත. ලොව සෑම රටකටම පාහේ එම රටට ගැළපෙන සම්මත ඛණ්ඩාංක පද්ධතියක් ඇත.
මෙහි දී ශ්‍රී ලංකාවට අදාළ ඛණ්ඩාංක පද්ධතිය සම්මත කර ගන්නා විට පිදුරුතලාගල කඳු මුදුනේ ඇති ලක්ෂ්‍යයක් මූල ලක්ෂ්‍යය ලෙස තොරා ගෙන ඇත. එහි දී (-) ඛණ්ඩාංක ද ලැබෙන බැවින් එම දුෂ්කරතාව මඟහැරවීමට පසු ව පිදුරුතලාගල ලක්ෂ්‍යය සඳහා ඛණ්ඩාංක ලෙස 200 km E, 200 km N ලබා දී ඇත. ඉන්පසු මෙම ක්‍රමය වෙනුවට නූතන ඛණ්ඩාංක පද්ධතිය ලෙස පිදුරුතලාගල කඳු මුදුනේ ලක්ෂ්‍යයට උතුරු ඛණ්ඩාංකය ලෙස 500 000 m අගයත් නැගෙනහිර ඛණ්ඩාංකය ලෙස 500 000 m අගයත් ලබා දී නව ඛණ්ඩාංක පද්ධතිය නිර්වචනය කර ඇත.
මෙම පද්ධතියට සාපේක්ෂ ව ශ්‍රී ලංකාවේ විවිධ ස්ථානවල පිහිටීම ත්‍රිකෝණමිතික ස්ථාන මගින් නිරූපණය කෙරේ. ඒවාට අදාළ ඛණ්ඩාංක ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි ය. මහාමාර්ග, ඇළ මාරිග ආදි විශාල පරිමාණයේ ඉඳිකිරීම්වල දී මෙම ඛණ්ඩාංක භාවිතයට ගැනෙයි. එහෙත්ප කුඩා ඉඩමක් මැනීමේ දී මෙම ඛණ්ඩාංක පද්ධතිය පිළිබඳ ව අවධානය යොමු නොකරන අතර, මිනින්දෝරුවා සිය අභිමතය පරිදි ඛණ්ඩාංක පද්ධතිය සහ එහි මූල ලක්ෂ්‍යය නිර්ණය කර ගනී.