නිරපේඟක්ෂ පිහිටීම
 සිතියම් විද්‍යාවේ දී පෘථිවිය ගෝලාකාර වස්තුවක් ලෙස සැලකෙන නමුත් එය සිතියමක් මත ද්විමාන ඛංඩාංක තලයක නිරූපණය කෙරේ. එහි දී උතුරු-දකුණු රේඛාව y අක්ෂය ලෙස ද නැගෙනහිර-බස්නාහිර රේඛාව x අක්ෂය ලෙස ද වන සේ දැක්වේ.

මෙම ක්‍රමයේ දී x අක්ෂය ලෙස සමකය ද y අක්ෂය ලෙස ග්‍රිනිව් මධ්‍යහ්න රේඛාව ද ඛණ්ඩාංක පද්ධතියක් සේ යොදා ගන්නා අතර, යම් ස්ථානයක පිහිටීම අක්ෂාංශ හා දේශාංශ මඟින් නිරූපණය කෙරෙයි. ඒ අනුව යම් ලක්ෂ්‍යයක පිහිටීම නිරූපණය කිරීමට එම ලක්ෂ්‍යය හරහා අක්ෂාංශ හා දේශාංශ රේඛා අඳිනු ලබයි. ඉන් පසු අදාළ අක්ෂාංශ හා දේශාංශ කෝණ ගණනය කිරීම මගින් ලබාගනියි.

මෙහි දී අදාළ ස්ථානයේ සවි කර ඇති මැනුම් උපකරණයකින් අහසේ පවතින හිරු හෝ තාරකා (ආකාශ වස්තු) සඳහා කෝණ මනිනු ලබයි. එනම්, නක්ෂත්‍ර නිරීක්ෂණය මඟින්, අදාළ ස්ථානයේ නිරපේක්ෂ පිහිටීම ගණනය කරයි. නූතන තාක්ෂණයේ දියුණුවත් සමඟ (Global Positioning Systems මඟින්) ඕනෑ ම ස්ථානයක නිරපේක්ෂ පිහිටීම සෘජුවම ලබාගැනීමට හැකියාව පවතී. මෙහි දී අභ්‍යවකාශයේ කක්ෂගත කර ඇති විශේෂ චන්ද්‍රිකා පද්ධතියක් මඟින් ලබාදෙන දත්ත වලින් පෘථිවිය මත ඕනෑ ම ස්ථානයක ඛණ්ඩාංක සෙවිය හැකි ලෙස මෙම පද්ධතිය සැකසී ඇත.
(c) Shilpa Sayura Foundation 2006-2017