අතීතයේ ඉතා සරල න්‍යායන් සහ උපකරණ භාවිතයෙන් ඉඳිකිරීම් සහ ඉංජිනේරුමය කටයුතු කර ඇති නමුත් වර්තමානයේ පොළොව මත ඇති විවිධ ස්ථානවල පිහිටීම නිර්ණය කිරීමට චන්ද්‍රිකා තාක්ෂණය ද යොදා ගනී.
මෙහි ඉතිහාසය, පුරාණ ඊජිප්තු පිරමීඩ ගොඩනැගීම දක්වා දිවයයි. ක්‍රි.පූ. 1400 දී පමණ යුප්‍රටීස්, ටයිග්‍රීස් සහ නයිල් ගංගා මිටියාවත් වල මායිම් සලකුණු කිරීමේ දී ද (Boundary surveying) බිම් මැනුම යොදාගත් බවට සාක්ෂි ඇත.
ඔවුන්ගේ බොහෝ ඉඳිකිරීම් තාරකා විද්‍යව සමඟ සමීප සම්බන්ධතාවක් පැවතී ඇත. නිදසුනක් ලෙස ඊජිප්තුවේ ප්‍රධාන පිරමීඩ (Great pyramids) තුන අතර අන්තර්ගත කෝණය ඔරායන් නමැති ගුරු තරු රටාවේ ඔරායන්ගේ බඳ පටියේ ඇති තරු තුන අතර කෝණයට සමාන වන බව මතයක් පවතී.
ශ්‍රී ලංකාවේ ඉතිහාසය විමර්ශනාත්මක ව බැලීමේ දී, විස්මිත ඉදිකිරීම් සහ නිමැවුම් අපට දැකිය හැකි ය. පුරාවිද්‍යාත්මක කැණීම් නිරීක්ෂණයේ දී මෙවැනි ඉඳිකිරිම් සඳහා වැදගත් සාධක රැසක් හමු වී ඇත.
උදා : ධාතුසේන රජතුමාගේ (ක්‍රි.ව. 459-477) අනුග්‍රහයෙන් ඉඳිකර ඇති යෝධ ඇළ.
මෙහි ආනතිය පිළිබඳ ව සැලකීමේ දී පළමු කි.මී. 27 සඳහා එහි ආනතිය කි.මී. 1.6කට සෙ.මී. 6 ක් බවත් මුළු දිග සඳහා ආනතිය කිලෝමීටරයට 10cm සිට 20cm දක්වා අතර අගයක් ලෙසත් සොයාගෙන ඇත.
ඕනෑ ම ඉංජිනේරු කාර්යයක දී පොළොව මත ස්වභාවිකව ඇති වස්තු (Natural features) පිළිබඳව ද, පොළොව මත ඉඳිකර ඇති ඉංජිනේරුමය නිර්මාණ (Man made features) පිළිබඳ ව ද නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට ඒවායේ පිහිටීම (Location), විශාලත්වය (Zise) සහ දිශානතිය (Oroentation) ආදිය දැක්වෙන සිතියම් (Maps) සහ බිම් සැලසුම් (Surveying plans) අත්‍යවශ්‍ය වේ.
මෙසේ පොළොව මත පිහිටි වස්තුවල සාපේක්ෂ පිහිටීම සෙවීම සඳහා රේඛීය මිනුම් සහ කෝණික මිනුම් ලබා ගැනීමේ ක්‍රියාවලිය “බිම් මැනුම” ලෙස නිර්වචනය කෙරේ.
එමෙන් ම පොළොව මත පිහිටි ඕනෑ ම වස්තුවක පිහිටීම ආකාර දෙකකින් නිරූපණය කළ හැකි ය.
* නිරපේක්ෂ පිහිටීම (Absolute position)
* සාපේක්ෂ පිහිටීම (Relative position)