ලිස්සුම් විරෝධි රෝධක (Auti-lock brakes)
  රෝධක යොදන විට රථය පාර මත ලිස්සා නොයෑමට රෝද ලිස්සුම් විරෝධි රෝධක නවීන රථවල භාවිත වේ. රෝධක යොදන විට එකවර ම දැඩි තෙරපුමක් යෙදුව හොත් රෝද සිර වේ.

එනිසා ලිස්සුම් විරෝධි රෝධකවල සිදු වන්නේ රෝධක යොදන විට තත්පරයකට වාර ගණනක් බැගින් රෝධක පළු ක්‍රියාත්මක වීම යි. එය යාන්ත්‍රික හෝ විද්‍යපතය අනුසාරයෙන් සිදු කෙරෙන අවස්ථා ඇති නමුත්, බහුල ව ඇත්තේ විද්‍යුත් ABS ක්‍රමයයි. එසේ වන විට රෝද සිරවීම සිදු නොවේ. රථය පාර මත ලිස්සා නොයා ආරක්ෂිත ව නවතා ගැනීමට එය උපකාරි වේ.

විද්‍යුත් හෝ ඉලෙක්ට්‍රොනික ABS පද්ධතියේ රෝධක යෙදිය යුතු ආකාරය නිර්ණය කිරීම සඳහා පරාමිති දෙකක් භාවිත කෙරේ. එනම්, රෝදවල වේගය සහ රෝදවලට ව්‍යාවර්තය සම්ප්‍රේෂණය වී ඇති ආකාරය යි. මෙම දත්ත ABS පාලක මොඩියුලයෙන් ලබා ගෙන පොම්පය වෙත ක්ෂණික ව තොරතුරු සපයයි. මෙම තොරතුරු භාවිතයෙන් ABS පොම්පය රෝධක පද්ධතියේ ඇති නළ ඔස්සේ පීඩනය සම්ප්‍රේෂණය කරයි.

මෙය සිදු කරන්නේ විනාඩියකට වාර ගණනක් ද්‍රවය සම්පීඩනය කිරීමෙනි. එසේ වත් ම රෝධක පළු එක දිගට නොවැදී අධික සංඛ්‍යාතයක් සහිත ව කඩින් කඩ ක්‍රියාත්මක වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017