නූතන ගියර පෙට්ටි
  දුබලතා අවම කෙරුණු ගියර පෙට්ටි නූතන රථවල දක්නට ඇත. ඒවායින් එක් වර්ගයක් වන සම මුහුර්තන වර්ගයේ ගියර පෙට්ටිවල ක්‍රියාකාරිත්වය ද ඉහත සඳහන් නිත්‍ය සම්බන්ධ ගියර පෙට්ටි අයුරින් ම සිදු වන අතර එහි ඇති එක ම වෙනස වන්නේ බලු දත් එකතු වීමට පෙර ගියරවල ප්‍රවේග එක හා සමාන ව ස්වයංක්‍රීය ව සිදු වීමයි.

මේ සඳහා බලු දත් සමඟ කෝණික ආනතියක් ඇති කර පිත්තල කේතු යොදා ඇත. එනිසා මේවායේ ක්ලචය දෙවරක් පෑගීම අවශ්‍ය නොවේ. ඒ හේතුවෙන් මෙම ගියරවල ගෙවීම ඉතා අඩු වන අතර, ආයු කාලය ද දීර්ඝ වේ.

නූතන මෝටර් රථවල බහුල ව ඇති අනෙක් ගියර පෙට්ටි වර්ගය නම් ස්වයංක්‍රීය ගියර පෙට්ටි වන අතර, එය ක්‍රියාත්මක වන්නේ එන්ජිම මත ඇති කෙරෙන බලය සහ රථයේ වේගය යන සංරචක දෙක භාවිතයෙනි.

(c) Shilpa Sayura Foundation 2006-2017