හෙලික්සීය ගියර පොරකටු ගියරවලට වඩා සුමට ධාවනයකට මඟ පාදයි. එසේ වන්නේ හෙලික්සීය ගියර මෙන් නොව, ගියර දෙකක අඩු ම වශයෙන් දැති දෙකක් බැගින් එක මොහොතක දී අනෙක් ගියරයේ ගැටී පවතින නිසා ය.
නිත්‍ය සම්බන්ධිත ගියර පෙට්ටිවල බලු දත් යොදා ගියර සම්බන්ධය ඇති කරන බැවින් ගියර ගැටීම දක්නට නැත. එහෙත්, මෙම ගියර පෙට්ටි ඇති වාහනවල ගියර මාරු කරන අවස්ථාවල දී බලු දත් එකකට එකක් වැදී පළුදු වීම වැළැක්වීමට ක්ලචය දෙවරක් පාගා ක්ලචයේ සහ ගියර පෙට්ටියේ ප්‍රධාන දණ්ඩේ කෝණික ප්‍රවේග සෑම විට ම සමාන කර ගත යුතු ය.