ඩෝල්ටන්ගේ පරමාණුක වාදය අනුව පදාර්ථය සැදී ඇත්තේ තවදුරටත් බෙදිය නොහැකි අංශු විශේෂයක් වන පරමාණු වලිනි.එකම මූල ද්‍රව්‍යයකට අයත් පරමාණු සෑම අතින්ම සර්ව සමවේ. පරමාණු සම්බන්ධ වී රසායනික සංයෝග සෑදෙන විට එය සිදුවන්නේ සරල අනුපාතවලට ය.රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගි විය හැකි කුඩා ම කොටස පරමාණුවයි.
නමුත්නූ තන සොයා ගැනීම අනුව පරමාණුව තවදුරටත් බෙදිය නොහැකි අංශුවලත් නොවේ. පරමාණුව ද සැකසී ඇත්තේ නියුට්‍රෝන, ප්‍රෝටෝන සහ ඉකෙල්ට්‍රෝන වැනි උප පරමාණුක අංශු සමූහයක එකතුවෙනි. එසේම න්‍යෂ්ටික ප්‍රතික්‍රියා මගින් පරමාණුව ද බිඳ හෙලිය හැකිවේ.
බොහෝ මූලද්‍රව්‍ය සඳහා සමස්ථානිකයන් ගණනාවක් ඇත. එම සමස්ථානිකයන් ගේ ස්කන්ධයන් එකිනෙකට තරමක් සුළු වශයෙන් හෝ වෙනස්ය. එබැවින් එක ම මූලද්‍රව්‍යයක වුවද පරමාණු එක සමාන නොවන අවස්ථා ඇත.
ප්‍රෝටීන වැනි සංකීර්ණ රසායනික ද්‍රව්‍ය තුළ විවිධ මූල ද්‍රව්‍යවල පරමාණු සම්බන්ධව පවතින්නේ සරල අනුපාතයකට නොවේ.
නූතන වාදය අනුව ද රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගි විය හැකි කුඩා ම කොටස වන්නේ පරමාණුවයි. එබැවින් මෙම අදහස ඩෝල්ටන්ගේ අදහස හා එකඟ වේ.
පරමාණුව සැකසී ඇති විවිධ කොටස් උප පරමාණු අංශු ලෙස හඳුන්වනු ලැබේ. එම උප පරමාණු අංශු සෙවීමට හේතු කාරක වූයේ ද විලියම් කෲක් නළ නොහොත් කැතෝඩ කිරණ නළයයි.
![](/sayura/images/logo2.png)