ක්‍රි.ව. 113-135
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 22 යි)
වංකනාසික රජු ඇවෑමෙන් ඔහු පුත් ගජබා නම් කුමර තෙම රාජශ්‍රීයට පැමිණියේය.
මේ රජු රාත්‍රී කාලයේ වෙස්‌වලා අනුරාධපුරයෙහි ඇවිදින සිරිතක් විය. එසේ ඇවිදින එක් රාත්‍රියක එක්‌තරා ගෙයක දුප්පත් ස්‌ත්‍රියක හඬන හඬක් ඇසී ඒ ගෙය ලකුණු කර මාලිගයට ගොස් පසුදින ඒ ස්‌ත්‍රිය ගෙන්වා රාත්‍රියේ කුමන කාරණයකින් ඇඬුවේදැයි ඇසුවේය. 'පළමු රජු දවස සොළී රජු විසින් දොළොස් දහසක් සිංහල මිනිසුන් අල්වා ගෙනයන කල මාගේ පුතුන් දෙදෙන ද ගෙන ගියා.
ඒ නිසා හැඬුවෙමි' යි කීවාය. ගජබා රජ අතිශයින් කිපී වහාම සෙනඟ රැස් කරවා යුධ කරනු සඳහා සොළී රටට ගියේය. එහි ගොස් ලංකාවෙන් අල්වා ගෙනගිය සිංහලයන් නිදහස් කර දෙන ලෙස සොළී රජුගෙන් ඉල්වා සිටියේය. සොළී රජ ඔවුන් නිදහස් කරන්නට බැරි යැයි කීය. එවිට සිංහල සේනාවෝ සොළී රටේ නොයෙක් ප්‍රදේශ විනාශ කළෝය.
සොළී රජ භය වී ලංකාවෙන් ගෙනගොස් සිටි සිංහල මිනිසුන් නිදහස් කොට දුන්නේය. ඉන්පසු ගජබා රජු සිංහල මිනිසුන් සියල්ලන් ද සොළී රටේ මිනිසුන් බොහෝ ගණනක් ද ගෙන ලංකාවට ආයේය. රජ තෙම සොළී රටෙන් අල්වාගෙන යන ලද මිනිසුන් අලුත් කුරුකෝරළේ ද හාරිස්‌පත්තුවේ ද තුම්පනේ ද පදිංචි කරවීය. වළගම්බා රජු කාලයේ ගෙන ගොස් තිබූ පාත්‍ර ධාතුව ද ගජබා රජු විසින් ලංකාවට ගෙන එන ලද්දේය. මේ රජු අවුරුදු 22 ක් රාජ්‍යය කොට කාලක්‍රියා කෙළේය.
