කෘත පෝෂණ ක්‍රමය (Forced feed system)
  මෝටර් රථවල භාවිත වන්නේ බහු සිලින්ඩර් එන්ජිම් වන අතර, ඒවායේ ක්‍රියාකාරි වේගය, කාර්යක්ෂමතාව ද ඉහළ මට්ටමක පවතී. මේ හේතුවෙන් ස්නේහක ක්‍රමවේද ඵලදායි නොවන නිසා පොම්පයක් භාවිත කොට ක්‍රියා කරන කොටස් අතරට අඛණ්ඩ ව ස්නේහක තෙල් පටලයක් රඳවා ගනිමින් හා චලිත කොටස් එකිනෙක ස්පර්ශ නොවන සේ, චලිත වී ක්‍රියාකිරීමට ඉතා කාර්යක්ෂම ස්නේහන ක්‍රමයක් වන කෘත පෝෂණ සංසරණ ක්‍රමය යොදා ගෙන තිබේ.


කෘත පෝෂණ ස්නේහක පද්ධතිය උපාංග කිහිපයකින් සමන්විත ය.
* තෙල් දෙන (Oil - sump)
* දැල් පෙරහන (Strainer)
* තෙල් පොම්පය (Oil - pump)
* ද්විතීයික පෙරහන (Secondary filter)
* තෙල් ගැලරිය (Oil gallery)
(c) Shilpa Sayura Foundation 2006-2017