උෂ්ණත්ව පාලකය (Thermostatic valve)
  සිසිල්ව පවතින එන්ජිමක් ක්‍රියාකාරි උෂ්ණත්වයට පත් වන තුරු සිසිලන ද්‍රවය විකිරකයට යෑම පාලනය කිරීමට මෙය යොදා ඇත. එන්ජිමක සියලු පද්ධතිවල ක්‍රියාකාරිත්වය ප්‍රශස්ත (Optimum) මට්ටමක පවත්වා ගත හැකි උෂ්ණත්වය එන්ජිමක ක්‍රියාකාරි උෂ්ණත්වය ලෙස හඳුන්වයි. මෙම ක්‍රියාකාරි උෂ්ණත්වය දළ වශයෙන් 850Cහෝ 900C අතර වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017