පංකාව (Fan)
  සිසිල් වායුව වේගවත් ව විකිරකය හරහා ලබා දීමට පංකාව භාවිත කරයි. මෙම පංකාව පටි එළවුමක් හෝ විදුලි මෝටරයක් ආධාරයෙන් කැරැකැවෙයි. මෙහි වාත ධාරාව ඉවත සිට එන්ජිම දෙසට ගමන් කරයි. එනිසා, මෝටර් රථය ඉදිරියට ගමන් කරන විට ඉදිරියෙන් පැමිණෙන වාත ධාරාවෙද උදව්වෙන් පංකාවට වැය වන ශක්තිය අඩු වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017