තිරස් තලයේ කෝණ මැනීමට ඇති මූලික ම සහ සරල ම උපකරණය මාලිමාව යි. බිම් මැනුමේ දී මේ සඳහා සුවිශේෂ ප්‍රිස්ම මාලිමාවක් යොදා ගැනේ. මෙම උපකරණය තෙපාවක් මත සවි කළ හැකි වන පරිදි සකසා ඇත. එවිට පොළොව මත ඇති ලක්ෂ්‍යයක දී යම් රේඛා දෙකක් අතර තිරස් කෝණය හෝ එම රේඛාවල දිගංශ සඳහා මෙමගින් පාඨාංක ලබා ගත හැකි ය.
මෙහි දී උපකරණය යම් මැනුම් ලක්ෂ්‍යයක් මත පිහිටුවා එය මට්ටම් කිරීමෙන් පසු එහි සූචිය (needle) උතුරු දිශාවට හැරේ. මෙහි දී මැනුම් ස්ථානය අවට කෘත්‍රිම චුම්භක ක්ෂේත්‍රයක් නිර්මාණය කරන අංගයක් (උදා: අධි තරංග විදුලි රැහැන්, ට්‍රාන්ස්ෆෝමර් වැනි) නොතිබිය යුතු ය.
එසේ තිබුණහොත්, ඒවා මගින් ද චුම්භක ක්ෂේත්‍රයක් කෘත්‍රිම ව නිර්මාණය කර, පෘථිවියේ සැබෑ චුම්භක උතුටර වඩා වෙනස් දිශාවක් මාලිමා සූචිය මගින් නිරූපණය කෙරේ. ඉන් පසු රේඛාවල දිගංශ සඳහා පාඨාංක ගැනීම මඟින් අන්තර්ගත කෝණ ආදි තිරස් තලයේ කෝණ මැනගත හැකිය.