ශුභ
 

ක්‍රි.ව. 60-66
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු. 06 යි)

ශුභ රජ යසලාලකතිස්‌ස රජු මරවා රාජ්‍යය පැහැරගෙන වසර හයක්‌ රාජ්‍යය විචාළේය. මේ රජුගේ සෙනෙවියා යටතේ ලම්බකර්ණ ගෝත්‍රයට ඇතුළත් වසභ නම් කුමාරයෙක්‌ සිටියේය. 'වසභ නම් ඇති අයෙක්‌ මතු රජවන්නේය' යි ශාස්‌ත්‍රකාරයකු විසින් කියන ලද බව අසා ශුභ රජු වසභ නම් ඇති සියල්ලන් මරවන්ට පටන් ගත්තේය. සෙනෙවි තෙමේ තමා වෙත සිටි තරුණයාත්, රජහට දිය යුතුයයි සිතා භාර්යාවට පමණක්‌ එපුවත් දන්වා කුමාරයා හා කැටිව මාලිගාවට යන්ට නික්‌මුණේය. සෙනෙවියාගේ මෙත්තා නම් ඔහුගේ භාර්&` තොමෝ කුමාරයා ගලවන්ට කල්පනා කොට ස්‌වාමියාට මගදී කන පිණිස හුණු නැතිව බුලත් පුවක්‌ දුන්නීය.

ස්‌වාමියා හුණු නැති බැව් රජ වාසලදී දැන ඒ ගෙන එනු පිණිස කුමාරයා යැවුවේය. එවිට සෙනෙවියාගේ භාර්යාව වසභ කුමාරයාට සියලු තතු හඟවා රන් දහසක්‌ ද දී පලායන්ට සැලැස්‌සුවාය. හෙතෙම පලාගොස්‌ මහා විහාරයට පැමිණියේය. ඉක්‌බිති ඒ කුමාර තෙමේ සේනාවක්‌ රැස්‌ කරගෙන බලසේනා ඇතිව සටන් කොට ශුභ රජු මරා රාජ්‍යය අත්පත් කොට ගත්තේය.

(c) Shilpa Sayura Foundation 2006-2017