ඩීසල් ඉන්ධන සැපයුම් පද්ධතිය
 

ඩීසල් ඉන්ධන සැපයුම් පද්ධතියක මූලික සැකසුම බොහෝ දුරට පෙට්‍රල් ඉන්ධන පද්ධතියක සැකසුමට සමාන වේ. එහෙත් ජ්වලන ක්‍රියාවලිය පුලිඟු ජ්වලන ආකාරයට නොව, සම්පීඩන ජ්වලන ආකාරයට සිදුවන බැවින් ඊට ගැළපෙන පරිදි ඉන්ධන කුඩා අංශු ලෙස අධි පීඩනයක් යටතේ දහන කුටීරයට සැපයිය යුතු ය. එබැවින් ඩීසල් ඉන්ධන පද්ධති සඳහා පමණක් සුවිශේෂ වූ ඩීසල් පෙරහන, ඉන්ධන විදුම් පොම්පය, ඉන්ධන විදිනය හා තාපන පේනු සැකසේ.
(c) Shilpa Sayura Foundation 2006-2017