පණගැන්වුම් මෝටරය ක්‍රියාත්මක කිරීමත් සමඟ ම එන්ජිම අභ්‍යන්තරයේ ඇති පිස්ටන් ඉහළ පහළ ගමන් කරයි. පිස්ටන් පහළ යෑමත් සමඟ ම සිලින්ඩර තුළ දහන අවකාශයේ පරිමාව වැඩි වී පීඩනය අඩු වේ. මෙම අඩු පීඩනය හේතුවෙන් අවට වායුගෝලයේ පවතින වාතය, වාත ශෝධකයෙන් පවිත්‍ර වී කාබියුරේටරය තුළට පැමිණේ. කාබියුරේටරයේ ඇති වෙන්චුරි ක්‍රියාව හේතුවෙන් වායුවේ ප්‍රවේගය වැඩි වේ.
වෙන්චුරියට ප්‍රධාන පිටවුම් නළය සම්බන්ධ කොට ඇති හෙයින් වාත ප්‍රවේගයට අනුලෝම ව ඉන්ධන ද බ'නුලි මූලධර්මය අනුව ඇදී යෑම සිදු වේ. මෙහි දී ඉන්ධන හා වායුව මිශ්‍ර වේ. ඉන්ධන සහ වායුව මිශ්‍ර වූ පසු බාහිර පුලිඟුවක් ආධාරයෙන් සිලින්ඩරය තුළ දී දහනය වේ. කෙසේ වෙතත් එන්ජිමක් ක්‍රියාකාරි වීමේ දී, විවිධ හේතු නිසා වාත ඉන්ධන මිශ්‍රණ අනුපාතයන් ප්රශස්ත අයුරින් වෙනස් කර ගත යුතු ය.
එන්ජිම පණගැන්වීමේ දී එහි අවස්ථිතිය හා ඝර්ෂණය හේතුවෙන් වැඩි බලයක් අවශ්‍ය වේ. වැඩි බලයක් ලබා ගැනීමට වැඩි ඉන්ධන ප්‍රමාණයක් දහනය කළ යුතු ය.