අවකර කපාටය (Throttle valve)
  වාත මිශ්‍රණය අවශ්‍ය ප්‍රමාණයට එන්ජිමේ චූෂණ කපාට ඔස්සේ සිලින්ඩර තුළට ගමන් කරන්නේ අවකර කපාටය හරහා ය. අවකර කපාටය කේබලයක් හෝ ලීටරයක් මගින් ත්වරණ පාදිකයට සම්බන්ධ කර ඇත.

ත්වරණ පාදිකය ක්‍රියාත්මක කළ විට අවකර කපාටය විවෘත වීම සිදු වේ. ඒ සමඟ ම සිලින්ඩර තුළට වැඩි ඉන්ධන වාත මශ්‍රණය පරිමාවක් ගලා ඒම සිදුවන නිසා එයින් එන්ජිමේ ජවය වැඩි වේ.
(c) Shilpa Sayura Foundation 2006-2017