වෙන්චූරිය (Venturi)
  වාත ශෝධකය හරහා කාබියුරේටරයට ඇතුළු වන වාතයේ ප්‍රවේගය වැඩි කිරීමට විෂ්කම්භය අඩු වන සේ සකසා ඇති ස්ථානය සහිත කොටස වෙන්චුරිය නමින් හැඳින්වේ. එහි දී වාතය ගැලීමේ වේගය වැඩි වන විට වාත පීඩනය අඩු වන බව බ'නුලි මූලධර්මයෙන් සනාථ වේ.

මෙය සකසා ඇත්තේ කාබියුරේටරය හරහා එන්ජිමට වායුව ගලා යන නළ මාර්ගයේ ය. මෙය කාබියුරේටරයේ කොටසක් ලෙස තනා ඇත. ඉපිලි කුටීරයේ ඇති ඉන්ධන වෙන්චූරියට සැපයීමට ප්‍රධාන නළයේ කෙළවර වෙන්චූරියට ආසන්න ව යොමු කොට ඇත. ඉපිලි කුටීරයේ ඉන්ධන මට්ටමට සමාන ඉන්ධන මට්ටමක් ප්‍රධාන නළයේ පවත්වා ගැනීමට Uනළ සිද්ධාන්තය උපයෝගි කොට ඇත.

(c) Shilpa Sayura Foundation 2006-2017