වාත රෝධක කපාටය (Choke valve)
  කාබියුරේටරයට ඇතුළු වන වාත ප්‍රමාණය පාලනය වන්නේ මෙම කපාටය ආධාරයෙනි. මෙම කපාටය සාමාන්‍යයෙන් විවෘත වී තිබේ. එන්ජිම සීතල අවස්ථාවේ ද පණගැන්වීම පහස කිරීමට අධිසරු මිශ්‍රණයක් (Highly rich mixture) ලබාදීම යෝග්‍ය වේ. අධිසරු මිශ්‍රණයක් යනු වාත ඉන්ධන මිශ්‍රණයේ වැඩි ඉන්ධන ප්‍රමාණයක් අන්තර්ගත ව තිබීම ය.

වාත රෝධක කපාටය කේබලයක් මගින් සුක්කානම ආසන්නයේ පිහිටා ඇති අතින් ක්‍රියා කරවිය හැකි පාලක අගුළු බෝලයකට (Control knob) සම්බන්ධ කර ඇත. නවීන මෝටර් රථවල මෙම වාත රෝධක කපාටය එන්ජිම උණුසුම් වන විට ස්වයංක්‍රීයව ක්‍රමයෙන් විවෘත වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017