විවිධ අවශ්‍යතාවයන්ට සරිලන ලෙස එන්ජිමේ ජනනය වන ශක්තිය අඩු වැඩි කර ගත යුතු ය. මෙසේ වෙනස් කිරීමට නම් මෙහි ඉන්ධන පරිභෝජනය කරන ශීඝ්‍රතාව වෙනස් කළ යුතු වේ. ඉන්ධන පරිභෝජනය වීම පාලනය කිරීම වායු ඉන්ධන මිශ්‍රණයේ ප්‍රමාණය සහ අනුපාතය වෙනස් කිරීමෙන් සිදු කළ හැකි ය.
මෙය සිදු කරන්නේ කාර්බියුටරය මගිනි. මෝටර් රථවල විවිධ වර්ගයේ කාර්බියුටර භාවිත වුව ද කාර්බියුටරයේ මූලධර්මය අවබෝධ කර ගැනීම පිණිස සරල කාර්බියුටරය පිළිබඳ ව සලකා බලමු. ඉන්ධන සැපයුම් පද්ධතිය තුළ කාර්බියුටරය පිහිටා ඇත්තේ වාත ශෝධකය සහ චූෂණ නළ හමුව අතර ය. කාර්බියුටරයේ කොටස් කිහිපයකි.