වාත ශෝධකය (Air cleaner)
  කාර්බියුටරය හරහා සිලින්ඩර තුළට ගලා එන වායුවේ දූවිලි සහ අනෙකුත් අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු කර ගත යුතු වේ. එයට වාත ශෝධකයක් උපයෝගි කරගනී. මෙය වායුව ගලා එන මාර්ගයේ කාර්බියුටරයට පෙර සවිකර ඇත. වායු ශෝධක වර්ග දෙකකි. එනම්,

තෙල් දෙන සහිත වර්ගය (Oil bath type), රැළි කඩදාසි සහිත වර්ගය (Pleated paper type) වේ. තෙල් දෙන සහිත වර්ගයේ වාත ශෝධකය තුළට ඇතුළු වන වාතය පළමුවෙන් ම තෙල්වල ගැටේ. මෙහි දී වාතයේ ඇති අපද්‍රව්‍ය කොටස් මූලිකව ම තෙල්වල තැන්පත් වේ. ඉන් පසු පෙරහන් මුලාවයවය හරහා වාතය ගමන් කිරීමට සැලැස්වීමෙන් වාත පහදුව සිදු කෙරේ.

(c) Shilpa Sayura Foundation 2006-2017