පෝෂණ පොම්පය (Feed pump)
 

එන්ජිමක ඉන්ධන ටැංකිය මෝටර් රථයේ එන්ජිමට ඉහළින් පවතී නම් එන්ජිමට ඉන්ධන ගලා ඒම ගුරුත්වය යටතේ සිදුවේ. එහෙත් එන්ජිමට වඩා පහළ මට්ටමක ඉන්ධන ටැංකිය සවි වී ඇති විට එන්ජිමට ඉන්ධන ගලා ඒම ස්වයං ව සිදු නොවේ.

මෙවැනි අවස්ථාවල දී ටැංකියේ ඉන්ධන සැපයීමට පෝෂණ පොම්පයක් අවශ්‍ය වේ. පෙට්‍රල් එන්ජිමකට භාවිත කරන ඉන්ධන පෝෂණ පොම්ප වර්ග කිහිපයකි. ඒවා, යාන්ත්‍රික ඉන්ධන පෝෂණ පොම්පය (Mechanical feed pump), විදුලි පෝෂණ පොම්පය (Electrical feed pump), රික්ත පීඩන පෝෂණ පොම්පය (Vacuum feed pump) වේ.

(c) Shilpa Sayura Foundation 2006-2017