ක්‍රි.ව. 44-52
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු.08 යි)
ඉළනාග රජු ඇවෑමෙන් චන්ද්‍රමුඛ සිව කුමාරයා රජවිය. මේ රජ තෙමේ මිණිගිරි නම් වැවක් බඳවා ඉසුරුමුණි විහාරයට පිදුවේය. රජහුගේ දෙමළ දේවියයි ප්‍රසිද්ධ බිසව්ද මණිකාර නම් ගමින් තමහට උපදනා ලාභය එම වෙහෙරට පිදුවාය. මේ රජ අටවසකට පසු තිසා වැවේ දිය කෙළියට ගොස් සිටියදී ඔහුගේ මලණුවන් වූ යසලාලකතිස්‌ස කුමාරයා විසින් මරන ලද්දේය.
