නයිට්‍රජන් ඔක්සයිඩ සහ කාබන් මොනොක්සයිඩ් වායු, අධික දහන උෂ්ණත්වය නිසා නිපදවෙයි. එන්ජින් සිලින්ඩරය තුළ දහනයේ දී ළඟා වන උපරිම උෂ්ණත්වය අවම කර ගැනීම මගින් මෙම වායු නිපදවීම අවම කර ගත හැකි ය. අධික තාප ධාරිතාවක් ඇති දහනයට සහභාගි නොවන වායුවක් චූෂණ වායුව සමග මිශ්‍ර කර එන්ජිමට ලැබීමට සැලැස්වීමෙන් මෙම අවශ්‍යතාව සපුරා ගත හැකි ය.
මේ සඳහා අතීතයේ හීලියම් වැනි අධික තාප ධාරිතාවක් සහිත නිෂ්ක්‍රිය වායු යොදා ගැනුන ද ප්‍රායෝගික අපහසුතා මත මෙම ක්‍රමය ප්‍රචලිත නොවිණි. වර්තමානයේ හීලියම් වලට ආදේශකයක් ලෙස කාබන්ඩයොක්සයිඩ් යොදා ගනියි.
මේ සඳහා අතීතයේ හීලියම් වැනි අධික තාප ධාරිතාවක් සහිත නිෂ්ක්‍රිය වායු යොදා ගැනුන ද ප්‍රායෝගික අපහසුතා මත මෙම ක්‍රමය ප්‍රචලිත නොවිණි. වර්තමානයේ හීලියම් වලට ආදේශකයක් ලෙස කාබන්ඩයොක්සයිඩ් යොදා ගනියි.
කාබන්ඩයොක්සයිඩ් නිෂ්ක්‍රිය වායුවක් නොවුණ ද එහි තාප ධාරිතාව ඉහළ අගයක් ගනී. එන්ජිමක පිටාර වායුවේ අධික කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයක් ඇති බැවින් පිටාර වායුව යොද ගැනීම වඩාත් පහසු ලාභදායි ක්‍රමයකි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස පිටාර වායු සංසරණ ක්‍රමය බිහි විය. මෙහි දී එන්ජිමෙන් පිටවන පිටාර වායුවෙන් කොටසක් නැවත චූෂණ වායුව සමඟ මිශ්‍ර කර එන්ජිම තුළට සැපයේ. පිටාර වාතයේ අඩංගු කාබන්ඩයොක්සයිඩ් දහනයේ දී නිපදවෙන තාපයෙන් කොටසක් උරා ගන්නා අතර, එමගින් දහනයේ දී උපරිම උෂ්ණත්වයක් කරා ළඟා වීම අවම කරයි. පිටාර වාතයේ උෂ්ණත්වය අධික බැවින් ඒවා චූෂණ වායුව සමඟ මිශ්‍ර කිරීමට ප්‍රථම සිසිලනය කිරීමට පිටාර වාත සිසිලකය භාවිත කරයි.