ක්‍රි.ව. 35-44
අගනගරය - අනුරාධපුරය (පා.කා. අවු.09 යි)
ඉළනාග රජු රාජ්‍යශ්‍රීයට පැමිණි පළමුවන අවුරුද්දේදිම ඔහුගේ නොකටයුත්තක් නිසා කෝප වූ ලම්බ කර්ණ වංශයේ ජනයෝ කැරලි ගසා රජු අල්වා සිර කළෝය. රජ තෙමේ සිරගෙයින් පිටවී මඟුලැතු පිට නැගී පලාගොස් මාතොටින් නැව් නැගී ඉන්දියාවට ගියේය. තුන් අවුරුද්දක් ඉන්දියාවේ සිට සේනාවක් සමඟ රුහුණට පැමිණ ඒ ජනපදයෙන් ද පිරිස රැස්‌කොට අනුරාධපුරයට ගොස් යුද්ධයෙන් සතුරන් පරාජය කොට නැවතත් රාජ්‍යය ලබාගත්තේය.
මේ රජු ඉන්දියාවේ විසූ තුන් අවුරුද්ද අතරතුර ලම්බකණ්‌ණී ගෝත්‍රයේ ප්‍රධානීහු රට ආණ්‌ඩු කළෝය. ඒ හෙයින් ඉළනාග රජ ලංකාව ආණ්‌ඩු කෙළේ සය අවුරුද්දක් පමණි. මේ රජ ක්‍රි.ව. 44 දී කාලක්‍රියා කෙළේය.
